ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

දකුණු පළාතේ අපරාධ සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ගිනි අවි දෙකක් සමඟ 43 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (13) අම්බලන්ගොඩ , ගොඩහේන , නාමල් උයන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

බෝර 12 වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සැකකරු සන්තකයේ තිබී මෙලෙස සොයා ගත් බව සඳහන් වේ.

Exit mobile version