වෙඩි තැබීමෙන් අයෙක් ජීවිතක්ෂයට.

අද (14) දහවල් කෑගල්ල , ගලපිටමඩ , දුනමාල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දුනුමාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකින්  කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු හට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති අතර වෙඩි තැබීම සිදු කෙළේ කවුරුන්ද යන වග මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දුනුමාල ප්‍රදේශයේ රබර් වත්තක මුරකරු ලෙස සේවය කළ 41 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලපිටමඩ පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version