ඕස්ට්‍රේලියාවේ මහ බැංකු අධිපති වශයෙන් කාන්තාවක් පත් කර ඇති අතර ඒ අනුව එරට මහ බැංකු අධිපතිනිය ලෙස මිචෙල් බුලොක් පත් වී තිබෙන බව වාර්තා වේ.
මැය මෙම ධූරයට පත් වීමට පෙර නියෝජ්‍ය මහ බැංකු අධිපතිනිය ලෙස කටයුතු කර ඇති අතර මහ බැංකු අධිපති ධූරයට කාන්තාවක් පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් වේ.
මීට පෙර එරට මහ බැංකු අධිපති වශයෙන් වසර 7 ක කාලයක් පිලිප් ලොවි කටයුතු කළ අතර ඕස්ට්‍රේලියාවේ ඉහළ උද්ධමන අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවේ දී මෙලෙස තනතුරුවල වෙනසක් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
