පාසැල් දරුවන්ට මත්පෙති ගෙනා මාමා STF දැලට.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රදේශයේදී පාසල් ළමුන් සහ අමතර පන්ති සිසුන් ඉලක්ක කර ගංජා මිශ්‍ර  මෝදකය හා මත් කරල් අලෙවි කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15, අලුත් මාවත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක් වන පුද්ගලයෙක් බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත්  සැකකරු සන්තකයේ තිබී ගංජා මිශ්‍ර  මෝදක 25 ක්,  මත් කරල් 202 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත්තායයි සැක කරන රුපියල් 20,500.00 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

කොළඹ කළාපය භාර විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුර වෙත ලද තොරතුරකට අනුව  මෙම වැටලීම සිදුකර තිබේ.

Exit mobile version