2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇගවීමක් සිදු කරන බව වාර්තා වේ.
2016 වසරේ මිලියන 933ක් වූ ජල හිගයෙන් පීඩාවට පත් ගෝලිය ජනගහනය 2050 වනවිට බිලියන 1.7ක් 2.4 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවට ලෝක ජල සංවර්ධන වාර්තාවෙන් අනාවරණය වේ.
මෙලෙස පානිය ජල හිගයෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ජනතාවට වන අතර පරිසර දූෂණය ,ජලය අපතේ හැරීම හා කාලගුණ විපර්යාස ජල අර්බුදය උග්‍ර වීමට හේතු වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.
