තෙල් සේවකයින්ට නොසිතූ දීමනාවක්.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට මෙවර අලුත් අවුරුද්ද සැමරීම උදෙසා රුපියල් තිස් දහසක මුදලක් ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම මුදල සංස්ථාවේ සහ කොළොන්නාව තොග නිමාවේ සේවකයන් හාරදහස් දෙසීයකගේ ගිණුම්වලට බැර කර ඇති බවත් ඒ සදහා රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වැය වූ බවත් සදහන්.

නමුත් සංස්ථා සේවකයන් ප්‍රකාශ කරන්නේ මීට පෙර උත්සව අත්තිකාරම් මුදල් ලබා දෙන විට අයදුම් පත්‍රයක් පුරවන බවත් , මෙවර කිසිදු විමසුමකින් තොරව සිය ගිණුම්වලට මුදල් බැර කර තිබූ බවත් , මෙම මුදල උත්සව අත්තිකාරම් මුදලක් ලෙස ලබා දුන්නේ ද නැතහොත් අලුත් අවුරුදු ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දුන්නේ ද යන වග තමා දැනුවත් නොමැති බවත් ය.

එමෙන්ම පසුගිය පෙබරවාරි මස සංස්ථාව විසින් රුපියල් බිලියන පහකට අධික ලාභයක් උපයා ඇති බව සංස්ථා ආරංචි මාර්ග වාර්තා කරයි.

Exit mobile version