අන්වීක්ෂ බෑගයට නොසිතූ වටිනාකමක්.

ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අත්බෑගය ලුණු කැටයකටත් වඩා කුඩා බවත් , වෙන්දේසියක දී මෙම අත්බෑගය ඇමෙරිකානු ඩොලර් 63,750කට අලෙවි වූ බවත් සඳහන් වේ.

මෙය අන්වීක්ෂයක් භාවිතා කර බැලිය යුතු වන අතර මෙම නිර්මාණකරුවන් පිරිස මෙවැනි අති විශේෂ නිර්මාණයන් සිදු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂ ආකර්ෂණයක් හිමිකරගෙන ඇති බවත් , මෙම නිර්මාණය හදුන්වා දීමෙන් අනතුරුව අත්බෑග කුඩා කිරීමේ අවසානය මෙය බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මෙම සුවිශේෂී නිර්මාණකරුවන්ගේ නිර්මාණය එකතුව MSCHF නමින් හදුන්වන බවත් , මෙය නිව්‍යෝර්ක් හි පිහිටි නගරයක් වන Brooklyn හි පිහිටා ඇති බවත් වාර්තා වේ.

Exit mobile version