පෙම්වතාගේ ගෙල සිරකර මරා දැමූ පෙම්වතියක් රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොස්ගම ,අලුත් අම්බලම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
අගුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකාර කාන්තාව සමග මියගිය පුද්ගලයා වසරක පමණ කාලයක් පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බව සදහන්.
දෙදෙනාම විවාහකයින් වන අතර පසුව මෙම කාන්තාව විසින් මෙම සම්බන්ධතාවය නවත්වා දැමීමට කටයුතු කර තිබේ.
ඊයේ (05) දිනයේදී අදාල පුද්ගලයා කාන්තාවගේ නිවසට පසුපස දොරින් පැමිණ බලහත්කාරයෙන් ලිංගිකව හැසිරීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී ජනේලයේ දොර රෙද්ද උපයෝගී කරගත් සැකකාරිය පුද්ගලයාගේ ගෙල සිර කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු රුවන්වැල්ල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
