උණ රෝගය වැළඳී සිටි හත් හැවිරිදි දැරියක් වෙත රජයේ රෝහලකින් නිකුත් කරණ ලද පැරසිටමෝල් ඖෂධ අධි මාත්‍රාවක් ලබාදීම හේතුවෙන් එම දැරිය මියයෑමේ පුවතක් ගම්පොළ උඩුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම ඛේදනීය සිද්ධිය සම්බණ්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක නිහාල් වීරසූරිය මහතා සඳහන් කර තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පොල උඩහේන්තැන්න උඩුවැල්ල තාමරවල්ලිය ජනපදයේ පදිංචිව සිටි ශ්‍යාමලී තරුෂ නැමති දැරියකි.
දැරියට පසුගිය අප්‍රේල් 20 වනදා උණ සැදීම හේතුවෙන් එම ප්‍රදේශයට අයත් කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහල වෙත දැරිය රැගෙන ගොස් එහි වෛද්‍යවරයාගේ නිර්දේශ මත ලබාදුන් ඖෂධ දැරියට ලබා දී තිබේ.
දැරියට ලබාදුන් ඖෂධවලින් රෝගයේ කිසිදු සුවයක් නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් දැරිය ගම්පොල රෝහල වෙත රැගෙන ගොස් තිබේ. එහිදී දැරිය හා කුරුඳුවත්ත රෝහලෙන් ලබාදුන් ඖෂධද පරීක්ෂා කල වෛද්‍යවරුන් තහවුරු කරගෙන ඇත්තේ දැරියට ඖෂධ අධි මාත්‍රාවකින් ලබාදී ඇති බවයි.
එම අවස්තාව වනවිට දැරිය ඉතා අසාද්‍ය තත්වයේ සිට ඇති බැවින් දැරිය නිර්වින්දනයකොට වෛද්‍යවරුන් විසින් දැඩිසත්කාර ඒකකයට යොමු කොට ප්‍රතිකාර සිදුකල නමුත් දැරියට යලිත් පියවි සිහිය ලැබී නැති බවයි වාර්තාවන්නේ.
පසුව කල සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ දැරියට නියමිත පැරසිටමෝල් එක පෙත්තක් උවද දැරියට ලබාදී ඇත්තේ පැරසිටමෝල් පෙති දෙක බැගින් බවයි.
කෙසේ වෙතත් මෙම පුංචි මල් කැකුල මිලිනව යන්නේ, වෛද්‍යවරයාගේ නොසැලකිල්ලද, ඖෂධ නිකුත් කල පුද්ගලයාගේ නොසැලකිල්ලද නැතිනම් දෙමාපියන්ගේද නොසැලකිල්ල නිසාද යන්න දැන් සොයා බලා පලක් නැතත් මින් ඉදිරියට මෙවන් දේ සිදු නොවන තැනට ක්‍රියා කිරීම වැදගත්වේ.
