ජපුරේ කොටසක් වසා දැමෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් එල්ලකළ බලපෑම් හමුවේ මෙම තීරණය ගෙන තිබේ .

එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බව ද සඳහන් .

නමුත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරන්නේ මෙලෙස පංති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බවය.

Exit mobile version