සරසවි හොස්ටල් රාත්‍රියේ පරීක්ෂාවට.

විශ්වවිද්‍යාලන්හි නවක වද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණයට එලැබි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

විශ්වවිද්‍යාල විනය ආරක්ෂක බලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන් මෙම පරීක්ෂාවන් සඳහා යොදවන බවත් , විශ්ව විද්‍යාලයන්හි නවක වදය වැළැක්වීම උදෙසා ජාතික කමිටුවක්ද පත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී .

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ නවක වද සිද්ධි පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්ද හඳුන්වාදී ඇති බවත් , (076-5 453 454) එම අංකය සඳහා පැමිණිලි ලැබීමෙන් පවතින බවත් , මෙම අංකයට ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන පවත්වන බවත් ය.

Exit mobile version