එක්සත් ජාතික පක්ෂයේ 77 වන සංවත්සරයට සමගාමීව එම පක්ෂය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන අද ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව පාක්ෂිකයන්ට අද සිට අන්තර්ජාලය ඔස්සේ පක්ෂය සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමිවන බවට එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
පක්ෂයේ 77 වන සංවත්සරය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී චාම් ආගමික උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.