කොරියානු රැකියා සඳහා 6500 ක රැකියා කෝටාවක් ශ්‍රී ලංකාවට ලබා දී තිබුණු අතර එම සංඛ්‍යාව ඉක්මවා මෙම වර්ෂයේ දී ශ්‍රමිකයන් 8000 ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා සහ අමාත්‍යවරයා සමඟ අද (26) උදෑසන පැවති සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිය එකඟතාව පළ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම රැකියා අපේක්ෂකයන් අතරින් 600 දෙනෙකුට නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශ මාරු කිරීමෙන් මෙම රැකියා සඳහා යොමු කිරීමට නියමිත බවත් , නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් කඩිනමින් ඒ සඳහා අයදුම් කරන ලෙසත් දන්වා සිටී.එළඹෙන වර්ෂයේ සිට E 9 වීසා කාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා උදෙසා විභාග පවත්වා පින්තාරුකරුවන් සහ වෑද්දුම්කරුවන් 900ක් බඳවා ගැනීමටත් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සිය එකඟතාවය පළ කර තිබේ.
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය එළඹෙන වර්ෂයේ සිට CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පවත්වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළ බව සඳහන්.
