ආරක්‍ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන නියාමනය හා ලියාපදිංචිය පිළිබඳ බලපත්‍ර කොන්දේසි යාවත්කාලින කිරීම.

1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව, දැනට ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන නියාමනය හා ලියාපදිංචිය පිළිබඳ බලපත්‍ර කොන්දේසි යාවත්කාලින කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව ලියාපදිංචි වී ඇති සෑම ආයතනයක්ම බලපත්‍රය වලංගු කාල සීමාව ඉක්මවීමට මාස 03 කට ප්‍රථම ඉදිරි වර්ෂ 02 සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අතර, බලපත්‍ර කාල සිමාව ඉක්මවා අවසරයකින් තොරව පවත්වා ගෙන යාම 1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.defence.lk වෙබ් අඩවියේ පල කර ඇති අතර, පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීම සඳහා හා ලියාපදිංචිය සඳහා වන අයදුම්පත් ද ඉහත වෙබ් අඩවියේ පළකර ඇත.

Exit mobile version