බීමතින් සිප ගැනීමට පැමිණි පුද්ගලයෙකුට පහර දීමෙන් ඔහුගේ මරණය සිදු කළේ යැයි (37) හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ උඩ පිටිපන ප්‍රදේශයේ පදිංචි (55) හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ඉකුත් 8 දින සවස් කාලයේ බීමතින් සැකකරු සිප ගැනීමට යාමේදී, එයට උරණ වූ සැකකරු මොහුට අතින් පයින් පහර දීම නිසා ඔහු බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
සිද්ධියෙන් අනතුරුව කල්පිටිය පොලීසිය විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13)පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
