නාගරික ජනගහණය වැඩීයි.

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වේ .

ඊට අදාළ වාර්තාව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත පාර්ලිමේන්තු පරිශ්‍රයේදී භාර දී ඇති අතර නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල අනුව මෙම සමීක්ෂණය සිදුකර ඇති බව සඳහන් .

ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් 2012 වර්ෂයේදී අවසාන වරට සමීක්ෂණයක් කර තිබෙන අතර එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2% ක් බවට වාර්තා වී තිබේ .

Exit mobile version