පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ පළාත්වලින් වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් බස්නාහිර සහ දකුණු පළාත් තුළ දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් මෙම පළාත් වල වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් 600 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මොවුන් විසින් ක්ෂ්ණික මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම් , හදිසි වැටලීම් සහ පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම් සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.
