ඇමෙරිකාවේ ප්‍රහාරක යානා යුක්‍රේනයට.

ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන F 16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට ලබා දීම සඳහා ඇමෙරිකාව එකඟ වී ඇති බවත් , අදාළ යානා පියාසර කරවීම සඳහා අවශ්‍ය පුහුණුව යුක්‍රේන ගුවන් නියමුවන්ට ලබා දීමට ඇමෙරිකාව තීරණය කර ඇති බවත් වාර්තා වේ.

ජපානයේ හිරොෂිමා හි පැවැත්වෙන G 7 රාජ්‍ය නායක සමුළුවේදී ජනපති ජෝ බයින්ඩින් මේ සම්බන්ධව නිල දැනුම් දීමක් සිඳු කර ඇති බව ධවල මන්දිර ආරංචිමාර්ග සඳහන් කර තිබේ.

මෙමඟින් යුක්‍රේනයේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමට හැකි බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

Exit mobile version