ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ .
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරත වී තිබේ .
ඔහු පසුගිය දින කිහිපය තුළ කටාර්, ජෝර්දානය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රාජ්‍යන්වල සංචාරය කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය වෙත පැමිණ ඇති අතර ගොඩබිමින් සහ ගුවනින් ගාසා තීරයේ දැඩි ප්‍රහාරයක් සිදුකිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති පසුබිමක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එරටට පැමිණීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
