ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

දිවයිනේ පළාත් කිහිපයක පවතින දැඩි නියගය උතුරු ප්‍රදේශයටද බලපා ඇති අතර මේ වන විට උතුරේ පවුල් 22,666කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව සදහන්.

පානීය ජලය සපයා ගැනීමට නොහැකි පළාත්වල ජනතාවට බවුසර් මගින් පානීය ජලය සැපයෙන අතර එම සැපයුම සදහාද ජලය සොයාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ආපදා කලමනාකරණ නිලධාරින් සදහන් කර තිබේ.

Exit mobile version