යූ.එස් .ඒ.අයි.ඩී. දුන් ආධාර ඩොලර් බිලියන 2 ඉක්මවයි.

1956 වර්ෂයේ සිට මේ දක්වා කාල පාරසය තුළ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය මඟින් මෙරටට ලබා දී ඇති ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බව ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වන සංවත්සරය සහ ඇමෙරිකා – ශ්‍රී ලංකා අතර සබඳතාවයේ 75 වන සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම සංවත්සරය නිමිත්තෙන් මෙරට ඇමෙරිකානු තානාපති ජූලි චංග් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹදී උත්සවයක් පැවැත් වූ අතර එම උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සහභාගී වූ බව සඳහන් වේ.

යූ.එස්.අයි.ඩී. ආයතනය විසින් දුන් ආධාර පෝෂණය , සෞඛ්‍ය , අධ්‍යාපනය , ආපදා සදහා ප්‍රතිචාර දැක්වීම , මානව හිමිකම් සහ පාලනය සහ පරිසරය ඇතුළු විවිධ අංශ ඔස්සේ ලැබී ඇති බව වාර්තා වේ.

Exit mobile version