වනිදුට ලෝක කුසලානය අහිමි වෙයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිදු හසරංග ආබාධයකින් පසුවන බැවින් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ලෝක කුසලාන සංචිතයෙන් ඔහුව ඉවත් කර ඒ වෙනුවට දුෂාන් හේමන්ත ඇතුළත් කර ඇති බව වාර්තා වේ .

ඉන්දියාවේ දී ලබන මස පස්වන දා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබේ . ඒ අනුව 15 දෙනකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උපනායකත්වය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස් හටයි .

Exit mobile version