එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට .

මැනිං වෙළෙදපොලේ එළවළු මිල ඊයේ (20) ඉතා ඉහළ අගයක් ගත් බවට පෑලියගොඩ මැනිං වෙළෙදපොලේ මැනිං එක්සත් ප්‍රගතිශීලී සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ කැරට් තොග කිලෝවක් රුපියල් 300 කට ද ,බීට් කිලෝවක් රුපියල් 200 කට ද , බෝංචි කිලෝවක් රුපියල් 400 කට ද , මාළු මිරිස් කිලෝවක් රුපියල් 300 කට ද,වම්බටු කිලෝවක් රුපියල් 200 කට ද ,අමුමිරිස් කිලෝවක් රුපියල් 700 කට ද ,පතෝල කිලෝවක් රුපියල් 250 කට ද ,වට්ටක්කා කිලෝවක් රුපියල් 100 කට ද ,පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 100 කට ද ,කැකිරි කිලෝවක් රුපියල් 120 කට ද අලෙවි වූ බව සදහන්.

මෙලෙස එළවළු මිල ඉහළ ගියද පළතුරු මිල පහත බැසීමක් දක්නට ලැබෙන බව සදහන්.

Exit mobile version