දිවයිනේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ලැබීම් අඩුවීම හේතුවෙන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ.
එමෙන්ම ,පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළදුන් එළවළු මිලදී ගැනීම අඩු කර ඇති බැවින් අලෙවියේ විශාල අඩුවක් පවතින බවට කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ඩී.එන් සිල්වා ප්‍රකාශ කර තිබේ.
