එළවළු මිල තවත් පහළට.

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වන විට ඉතා අඩු අගයකින් සටහන් වන බවට වාර්තා වේ.

පෑලියගොඩ මැනිං වෙළෙදපොලේ ඊයේ (30)කැරට් කිලෝවක් අලෙවි වී ඇත්තේ රුපියල් 90ත් 100ත් අතර මිලකට වන අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 80ක් දක්වා පහත වැටී තිබේ.

උඩරට නොවන බීට් ,නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 60ත් 80ත් අතර මිලකට අලෙවි වූ අතර මැනිං වෙළෙදපොළේ ද රුපියල් 100කට අඩු මුදලකින් අලෙවි වී තිබේ.

ගෝවා මිලද රුපියල් 65ත්,90ත් අතර අගයන්වල සටහන් වූ අතර ආනයනික අර්තාපල් මේ දිනවල ආර්ථික මධය්‍යස්ථානවල අලෙවි වන්නේ රුපියල් 140කට අඩු තොග මිලකටයි.කෙසේ වෙතත් නුවරඑළිය අර්තාපල් ඊයේ මැනිං වෙළෙදපොලේ රුපියල් 230ට පමණ අලෙවි වී තිබේ.

ආනයනික ලොකු ළුෑණු මිලද රුපියල් සියයට අඩු අගයක් සටහන් වන අතර වට්ටක්කා කිලෝග්‍රෑමයක් රුපියල් 35ත් 50ත් අතර මිලකට අලෙවි වී තිබේ.

Exit mobile version