මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි වල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් වෙසක් සැරසිලි අලෙවිය පහත වැටී ඇති බවත් වාර්තා වේ.
ඒ අනුව පසුගිය වර්ෂයේ රුපියල් 75 ට 80 ට පැවති සව් කඩදාසි අලවා නොමැති වෙසක් කූඩු මෙවර රුපියල් 180 දක්වාද , සව් කඩදාසි අලවන ලද වෙසක් කූඩු රුපියල් 300 සිට ඉහළට ද , විවිධ නිර්මාණයන්ගෙන් යුතු බකට් ලාම්පු රුපියල් 80 සිට රුපියල් 125 දක්වා ද විදුලි බුබුළු රැහැන් රුපිලයල් 600ත් 1500ත් අතර මුදලක් ද වන බවත් රුපියල් 5 ත් 10 ත් අතර මිලකට තිබූ ඉටිපන්දමක් මෙවර රුපියල් 25 ක් වන බවත් සදහන්.
