ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි.

ලංකාවේ විශිෂ්ටතම ලේඛිකාවක සහ පුවත් කතෘවරියක වූ අනුල ද සිල්වා මහත්මිය දිවි ගමන නිමාකර ඇති බව ඇයගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද අනුල ද සිල්වා මහත්මිය, සිය පළමු නවකතාව වන ‘උන්මන්තකයෝ’ ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේය.

ඉනික්බිති සිය ලේඛනය තුළ ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළාය.

අනුල ද සිල්වා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙස ද කටයුතු කළ බව සදහන්.

මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වා මහත්මියගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version