වික්ටෝරියාවේ ජල විදුලි නිෂ්පාදනය සීමා කෙරේ.

උඩරට ප්‍රදේශ වලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල විදුලි උත්පාදනය බොහෝ දුරට සීමා කොට ඇති බවත් ,ජලාශයේ ජල මට්ටම මේ වනවිට 35% දක්වා පහත බැස ඇති බවත් එහි කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

නමුත් රාත්‍රී කාර්යබහුල වේලාවෙදි පමණක් ගිගාවොට් පැයක පමණ විදුලි නිෂ්පාදනයක් මේ වන විට සිදු කරන බව ඇහැළපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version