උගත් දමිළ මන්ත්‍රීවරයෙකු ලෙස සිංහල ජනතාවගේ පවා ආදරයට පාත්‍රව සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යන් ශානක්‍යන් මහතා සභාවක් අමතමින් දමිල ජාතිවාදය අවුස්සමින් ශ්‍රී ලංකාවේ ගෝඨාභයට චන්දය දුන් ඒ මිනිස්සුම ඔහුව පන්නා ඇති බවත්, දෙමල ජනතාවට ලෝකයේ කිසි තැනක රටක් නැති බවත් යුද්ධය කාලේ අනාතයින් වශයෙන් පැමිණි අපි අද ලෝකය පුරා විශාල බලයක් ගොඩ නගාගෙන ඉන්න බවත් සඳහන් කරයි.
එහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ,
“දෙමල ජනතාව ලෝකයේ හැම තැනම ඉන්නවා. නමුත් ඔවුන්ට ලෝකයේ රටක් නෑ. යුද්ධය කාලේ අනාතයින් විධියට පැමිණි අපි අද ලෝකය පුරා විශාල බලයක් ගොඩ නගාගෙන ඉන්නවා. අද ලංකාවේ රජය දෙමළ මිනිසුන්ගේ මුදල් කෙරෙහි තමයි බලාගෙන ඉන්නේ. ඒක අපට ආඩම්භරයක්. ලංකාවේ අපෙ දෙමළ ජනතාවට හිමි දේශපාලන තීන්දුව නියත වශයෙන්ම ලැබේවි. එය ලැබෙන් තෙක් අපි හැමෝම එක්ව සටන් කල යුතුයි”, ලෙස ඒ මහතා ප්‍රකාශ කරන ලදී.
එහිදී තව දුරටත් ඔහු සදහන් කරන්නේ,
“මම කර්මය විශ්වාස කරන්නේ ඇයි කිව්වොත්, අපේ රටේ සිට, අපේ ප්‍රදේශයේ සිට, අපිට පහරදීලා එලවපු ගෝඨාභය රාජපක්ෂ අද එරටින් අනාතයෙක් වෙලා වෙන රටක හැංගිලා ඉන්නවා. අද ගෝඨාභයට චන්දේ දීපූ ඒ මිනිසුන්ම ගෝඨාභය රටෙන් පන්නලා තියෙනවා ඒක තමයි කරුමය, අපි අපේ රටේ ගෞරවනීය දේශපාලන විසදුමක්කරා යමින් ඉන්නවා. අපේ ජනතාවට සාමය උදාකරන තෙක් මගේ දේශපාලනය ක්‍රියාත්මකයි. 2009 න් පස්සේ ලංකාවේ පිටත ඉදන් දෙමළ අපි හැමෝම ක්‍රියාත්මක වුනා. දෙමල අපි හැමෝම එක් වෙන්න ඕන. අපගේ දේශපාලන විසඳුම ලබා ගැනීමට අපි පහුගිය කාලේ කොතරම් කැප වුනාද එලෙසම ඉදිරියටත් කරන්න ඕන. ලංකාවේ දෙමළ ජනතාව ඔබවයි විශ්වාශ කරන්නේ. අපගේ දේශපාලන විසදුම ලබා ගන්නා තෙක් අපි සටන් කරමු”, ලෙස ඒ මහතා ප්‍රකාශ කරන ආකාරය දමිල භාෂාවෙන් දැකිය හැකිය. කෙසේ නමුත් මෙම ප්‍රකාශය කුමන අවස්තාවක, කුමන උත්සවයකදී, කුමන රටකදී සිදුකල ප්‍රකාශයක්ද යන්න තොරතුරු අනාවරණය නොවේ. නමුත් ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ කැනඩාවේදී බව පෙනේ. අපද මෙම වීඩියෝව ලබා ගන්නේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබියදීය.
මෙරටින් පළා ගිය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු පක්ෂය බලයට පැමිණියේ පැවතී සිවිල් යුද්ධය නැවත නැවත මතුකරමිනි. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිව්රුම් දෙන අවස්ථාවේදී ද ජාතිය අමතමින් කල කතාවද ජාතිවාදී කතාවකි. නමුත් මෙම මන්ත්‍රීවරයා පිලිබදව බොහෝ සිංහල ජනතාවක් දැඩි භක්තියකින් සිටින නමුත් මේ වන විට ඔහුටද “ කොටි” ලේබලය වැදී තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ පති කිහිපයකින් නැවතත් ජාතිවාදී කුමන්ත්‍රණ ඇතිවෙමින් පවතින්නේ මානව වාදී පාලකයන් නොමැති නිසාය. ශ්‍රී ලංකාව එකම කොඩියක් යටතේ පාලනය කිරීමට හැකි දක්ෂ පාලකයන් කොටසක් නොමැතිකමෙන් අනාගතයේ නැවතත් විවිධ ජාතිවාදී මෙන්ම ආගම්වාදී ගැටුම් ඇතිවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙමින් පවතී. එය සිදුවන්නේ රාජ්‍ය පාලකයන්ගේ දේශපාලන අරමුණු නිසාය.
