මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් එම ජලාශය ඉදිකිරීම් සඳහා යටව ගිය ගම්මාන නැවත මතු වෙමින් පවතින බව වාර්තා වේ.
මොරගහකන්ද ජලාශයේ ජලය පිරීම සමඟ ගම්මාන හතක් පමණ ජලයෙන් යටවී ලංකා සිතියමෙන් මැකී ගොස් ඇති අතර මේ දිනවල ගම්මාන සියල්ලම නැවත මතුවෙමින් පවතී.
ඒ අනුව ඇලහැර , හෙට්ටිපොළ පැරණි මාර්ගය ජලයෙන් යටව ගිය කොන්ගහවෙල රෝහල , තවත් රාජ්‍ය ආයතන රැසක් මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක් නැවත ජනතාවට දැක බලා ගැනීමට හැකිව තිබේ.
මේ දින වල සිඳීගිය මොරගහකන්ද ජලාශයේ වන අලින් රංචු රැසක් ද කුළු මීහරක් රැසක්ද දැකගත හැකිය.
එමෙන්ම අඹන්ගඟ හරස්කොට මොරගහකන්ද ජලාශය ඉදි කෙරුණු අතර මේ වන විට අතීතයේ ගලාගිය අඹන් ගඟ ද දර්ශනය වන බව සඳහන්.
