රෝහල් ඉදිරිපිට ඇති දේ පිළිබඳ විමල් හෙළි කරයි.

රෝහල් ඉදිරිපිට මල් ශාලා පමණක් නොව පෞද්ගලික රසායනාගාරද ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.

හෙතෙම මේ බව පැවසූවේ සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව අද ආරම්භ වූ විශ්වාසභංග විවාදයට එක් වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා තිබේ.

“රෝහල් ඉදිරිපිට තියෙන රසායානාගරවලද ඇත්තේ රජයේ රෝහල්හි ඇති උපකරණමයි.නමුත් රෝහලේ යන්ත්‍රය කැඩී පෞද්ගලික රසායනාගාරයේ යන්ත්‍රය වැඩ.හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදුකිරීම ගැන පාර්ලිමේන්තුවේදි ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශකරනවා.නමුත් ඒවා ගෙන්වන්නේ කවුදැයි කියා නම් හෙළි කරන්නේ නැහැ.ඒවා ගෙන්වන අයගේ ඥාතීන් ආණ්ඩුවේත් විපක්ෂයේත් ඉන්නවා. මෙම විශ්වාසභංගයට මමත් පක්ෂයි.නමුත් ප්‍රශ්නය ලඝුකොට කථානොකර විවෘතව කථාකරමු.”

Exit mobile version