පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු එරට දේශපාලනයට මේ වනවිට සම්බන්ධ වී ඇති බවත් , පළාත් ක්‍රීඩා අමාත්‍යවරයකු ලෙස මේ වන විට කටයුතු කරන බවත් ය.
වහාබ් රියාස් පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 27ක්, එක්දින තරග 91ක් සහ විස්සයි විස්ස තරග 36කට ක්‍රීඩා කර ඇති අතර අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2020 වසරේ දී බව සඳහන් .
ඒ අනුව වහාබ් රියාස් සිය වසර 15ක ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇති අතර ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා තවදුරටත් ක්‍රීඩා කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
