දිස්ත්‍රික් දහයකට අවවාදාත්මක නිවේදන.

දිවයිනේ දිස්ත්‍රික් 10කට තද වැසි ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මෙලෙස දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

අද පෙරවරු 08යි 30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණය මිලිමීටර 60යි දශම 05ක් බව වාර්තා වේ.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල සහ කටුනායක යන ප්‍රදේශවලට ද මිලිමීටර 50 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.

Exit mobile version