ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19) රාත්‍රී 10 සිට හෙට (20) උදෑසන 8.00 දක්වා පැය 10 ක කාලයක්  ජල කප්පාදුවක් සිඳු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව මහරගම සහ බොරලැස්ගමුව මහ නගර සභා බල ප්‍රදේශයට , කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 4,5,7,8 යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිඳු කරන බව සඳහන්.

එමෙන්ම මෙම ජල කප්පාදුව හේතුවෙන් ජනතාවට සිඳු වන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවත් , අවශ්‍ය ජලය ගබඩා කර ගන්නා ලෙසත් ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version