පොලිස් ක්ලබ් එකේ අරක්කු වලටත් වතුර කලවම් කරලා.

කොළඹ පොලිස්කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමයේ අවන්හලේ මත්පැන් වලට වතුර කලවම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව කොට්ඨාස ලේකම් වරුන් විසින් විධායක සභාවට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ .

විධායක සභාවේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කිරීමේදී එම ජාවාරමට අදාළ වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි රැසක් එක් රැස් කොට ගෙන ඇති බව විධායක සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ .

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙලෙස මත්පැන් වලට වතුර කලවම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ද විධායක සභාව අනාවරණය කර ඇති බව සදහන් වේ.

මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන ඇති බව පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ .

Exit mobile version