මහනුවර බලගොල්ල ජල පොම්පාගාරයෙන් ජලය ලබා ගන්නා ජල පාරිභෝගිකයන් මේ වන විට දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඊට හේතුව නම් ඊයේ (28) රාත්‍රී 10.45ට පමණ ජල සම්පාදන මණ්ඩලයෙන් එක්වරම පණිවිඩයක් නිකුත් කරමින් ජල පාරිභෝගිකයින් හට සදහන් කර ඇත්තේ එම අවස්ථාවේ සිට හෙට (30) රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.
මෙම ජල පොම්පාගාරයෙන් ජලය ලබා ගන්නා දස දහසකට ආසන්න මහජනතාව මේ වන විට වැසිකිළියකට යාමට හෝ තමන්ට අවශ්‍ය අනෙකුත් කටයුත්තක් කර ගැනීමට හෝ නොහැකි තත්වයකට පත්ව තිබේ.
ජල සම්පාදන මණ්ඩලය විසින් ජංගම දුරකථන වලට පණිවිඩයක් එවා එක්වරම ජලය ලබා නොදෙන බව දැන්වීම තුළින් ජල සම්පාදන මණ්ඩලයේ බලගොල්ලේ සහ ජල පොම්පාගාරයේ මහජන ශ්‍රාවක සේවයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ නොසැලකිලිමත්භාවය සහ මානව හිතවාදීකමක් නොමැති බව පැහැදිලිවම දක්නට ලැබේ.
මේ වන විට කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වාම ජලය සපයා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට ලක්ව තිබෙන්නේ මෙම ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් විසින් කිසිදු සැලසුමක් හෝ මහජනතාව දැනුවත් කිරීමකින් තොරව සිදුකළ දැඩි නීති විරෝධී ක්‍රියාව නිසාය.
මෙවැනි කටයුතුවලින් සිදුවන්නේ මහජනතාවට තවදුරටත් රාජ්‍ය සේවය එපා වීමක් වන අතර මොවුන්ගේ කටයුතු නිසාම මෙවැනි ආයතන ඉක්මවා දැමීමට රජයට හැකියාව තිබේ. මහජන සේවය සපයා නොදෙන මෙවැනි ආයතනවල පුද්ගලයින් ලක්ෂ ගණනින් වැටුප් ලැබුවද මහජනතාවගෙන් පළිගැනීම උදෙසා කටයුතු කරන්නේ නම් මෙවැනි ආයතන රාජ්‍ය මහජන ආයතන බවට පරිවර්තනය වන්නේ නැත.මේ වන විටත් ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන අතර හදිසි අවශ්‍යතාවයකට වුවත් වැසිකිළියකටවත් යාමට ජලය නොමැති වීම පිළිබඳව වගකිවයුත්තෙක් නොමැති කම කණගාටුවට කාරණයකි.
