ගම්පහ ග්‍රාම සේවා වසම් 440 කට ජලය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 440ක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සදහා කරස්නාගල , බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව  ජල සබදතා ලබා දීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ප්‍රසන්න රණැතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.එම නව ජල සබදතා ලබන 25 වැනිදා සිට ලබා දීමට ද කටයුතු කරන බව සදහන් වේ.

එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අත්තනගල්ල , පස්‍ යාල දක්වාත් දෙවන අදියර නිට්ටබුව , මිනුවන්ගොඩ සහ ගම්පහ අවට ප්‍රදේශ රැසකටත් ලබා දීමට නියමිත බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට නව ජල සබදතා සදහා අය කරන මුදල් ජනතාවට ගෙවීමට පහසුවන ආකාරයෙන් වාරික 12කින් ගෙවීමට හැකි වන පරිදි වැඩපිළිවෙලක් සකස් කිරීමට අමාත්‍යවරයා විසින්  නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Exit mobile version