“අපේ මේ යුක්ති සහගත නීත්‍යානූකූල ඉල්ලීම” වැඩකරපු දවස්වලට, වෛද්‍ය නිවාඩු නොලබා වැඩකරපු දිනවලට ශ්‍රමය ලබාදීපු දිනවලට අදාළ ගෙවීම් කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.”
ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා මේ බව පැවැසුවේ දැනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව ජනතාව දැනුම්වත් කරමිනි .
වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් ඉටු නොවන බවද ඔහු පැවැසීය .
මේ අතර ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ද වැඩිදුරටත් පැවසූ ඒ මහතා මෙහි වගකීම පාලකයින් භාරගත යුතු බව ද පැවසීය.
ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටී.
ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලමිනි.
සරත් සමරනායක.
