“දකුණු ආසියාවේ තදම දූෂණ මර්දන නීතිය අපි ගේනවා ” -රනිල් වික්‍රමසිංහ

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත මේ වසරේදී පාර්ලිමේන්තුවට ගෙනඒමට පියවර ගනිමින් සිටින බවට අද (23) පස්වරුවේ මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ.

එනම්,

“මට කිව්වේ මම ආවේ හොරු ආරක්ෂා කරන්න කියලා. දැන් මම IMF එකත් එක්ක සාකච්ඡා කරලා දකුණු ආසියාවේ තදම දූෂණ මර්දන නීතිය අපි ගේනවා. හොරු ආරක්ෂා කරනවා නම් මට උවමනා නැහැ නේ මේක ගේන්න. විපක්ෂයෙන් ඉල්ලුවෙත් නැහැ. ඒ කියන්නේ අපිත් ක්‍රියා කරනවා මේක නවත්තා ගන්න.”

Exit mobile version