විදුලි ගාස්තු ඉහළ නැංවීමට රජය ගත් තීරණය පිළිබඳව ඇල්ලේ ගුණවංශ හිමියන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිය අප්‍රසාදය පළ කර තිබෙන බව වාර්තා වේ.
“අද ඉතාමත් ශෝක ජනක දවසක් විදුලි බිල වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ආණ්ඩුවට වෙනත් දැක්මක් නැද්ද වැඩි නොකර ඉන්නට, ජනතාවට අද හරිම අමාරුයි. මගෙ පන්සලෙත් බණක් කරගන්න බෑ. කොළඹ උසම බුදු පිළිම වහන්සේට රෑට විදුලිය දාන්න විදිහයක් නෑ.
මේ රටේ දේශපාලකයන් කිසියම් පරිත්‍යාගයක් කරනවද ? ඔවුන්ට නැති දෙයක් නෑ. ඔවුන් ඔවුන්ටම කර ගන්නවා මිසක් ජනතාවට සෙතක් කරන්නෙ නෑ.ජනතාව තලාපෙලා දැමීම සම්බන්ධව මගෙ දැඩි කනගාටුව පළ කරනවා.විදුලි බිල් වැඩි කිරිමට එරෙහිව අපි සටන් කරනවා , අපේ ඉවසීම පැනලා තියෙන්නෙ කියලා රජයට කියනවා.”
