ආණ්ඩුව පෙරළන්න වුණත් අපිට පුළුවන් – එස්.බී.දිසානායක .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකියාව පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත් , අයවැය පරාජය කිරීමටද හැකියාව පවතින බවත් ඔහු එහිදී සඳහන් කරන ලදී .

නමුත් එවැනි දේ කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන බවත් , ඇමතිවරුන් ඉවත් කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත් එස්. බී. දිසානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version