රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලීසියේ රඳවාගෙන සිටින පාතාල නායකයෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු අනුව මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබියදී අත්බෝම්බ , ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ .
මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 1ක් , රිවෝල්වර 1ක් , විදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බ 2ක් සහ උණ්ඩ 43 ක් මෙලෙස පොලීසිය විසින් සොයා ගෙන තිබේ .
ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මත මීට සති දෙකකට පමණ ඉහත දී කඩුවෙල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබියදි ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබූ බව සඳහන්.
එමෙන්ම ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් ප්‍රශ්න කරගෙන යමින් පවතින බව වාර්තා වේ .
