2023 ඔක්තෝම්බර් මස 12 දින සඳහා කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිරපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ  වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version