ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත් එයට තමා එකඟ නැති බවත් සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ (24) දින පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
එම ව්‍යාපාරිකයන් ජනපති තුමන්ට ඉතා හිතවත් බවයි වෙල්ගම මහතා සදහන් කර ඇත්තේ.
ඒ මහතා සදහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට තමා ඡන්දය දුන් බවත් නමුත් ඔහු විසින් සිදුකරනු ලබන වැරැදි වැරදි ලෙස දකින බව හා එම වැඩවලට එකඟ නැති බවත්ය.
පාර්ලිමේන්තුව තුලදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෙල්ගම මන්ත්‍රීවරයා, රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කරන්න ඡන්දය දුන් 134 දෙනාගෙන් කෙනෙක් මම. ඔහු කරන හොඳ වැඩ අගය කරනවා සේම වැරදි වැඩ විවේචනය කරනවා. ඔහු ජනපති කියලා හිතවත් ව්‍යාපාරිකයන් 10 දෙනෙක් ගත්ත ණය බොල් ණය ලෙස කපා හැරලා. ඒවාට අපි කැමැති නෑ. ඒවාට නොවෙයි ඡන්දය දුන්නේ. ඔහුගේ පක්ෂේ ධනපති ව්‍යාපාරිකයන්ගේ ණය කපන්න නොවෙයි අපි ඔහුව පත් කළේ යැයි පවසා තිබේ.
