වැලිගෙපොල මාර්ගය යටවෙයි.

බළංගොඩ , ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ වැලිගෙපොල පිටකන්ද ප්‍රදේශයේ මාර්ගයට පස්කන්දක් කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

ප්‍රදේශයට ඇදහැලුන අධික වර්ෂාව අතර ඊයේ (22 ) රාත්‍රි 11 ට පමණ මෙම පස්කන්ද මාර්ගයට කඩා වැටි තිබිණි.

මාර්ගයේ ගමන් කළ රථවාහන හිමියන්ගේ දැනුම් දීමත් සමග පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව බැකෝ යන්ත්‍ර යොදා මාර්ගයට වැටි තිබූ පස් කන්ද ඉවත් කර මාර්ගය පිළිසකර කළ බව සදහන්.

මෙම මාර්ගය සැකසිම සදහා පසුගිය කාලයේ මාර්ග දෙපස ඉවුරු කපා මග නතර කිරිම මෙවැනි තත්ත්වයක් වීමට බලපෑ බවට ප්‍රදේශ වාසින් ගේ අදහසයි.

එම හේතු නිසා දැවැන්ත ගල් පර්වත මාර්ගයට පෙරලී අනතුරක් සිදුවීමේ අවධානම ඉදිරියටත් පවතින බවට ප්‍රදේශවාසින් පවසති.

(චාමින්ද දිසානායක)

Exit mobile version