වැලිවේරිය පොලිස් වසමේ ඇඹරලුව පාර, ජුබිලි මාවත ප්‍රදේශයේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (06)දින ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ වත්තල හා බැලුම්මහර ප්‍රදේශයන්වලදීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 600ක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් හා සැකකාරිය වයස අවුරුදු 59ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
පසුගිය 05 වනදා වැලිවේරිය පොලිස් වසමේ ඇඹරලුව පාර, ජුබිලි මාවත ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පළාගොස් තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (7)දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සදහන්.