වැලිගම දෙනිපිටිය මුල්ලබොක්ක මාර්ගයට හැරෙන මංසන්ධියේදී ඊයේ (15) රාත්‍රී 9.40 ට පමණ යතුරුපැදියකින් පැමිණි නන්නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට සිඳු කළ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි පැලෑන ප්‍රදේශයේ පදිංචි කමල් චමින්ද නැමැත්තෙකි. තුවාල ලබා ඇත්තේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ 20 හැවිරිදි පුත්‍රායා බව සඳහන්.තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩික්කරුවන් විසින් වෙඩි තබන අවස්ථාවේදී මරණකරුගේ පුත්‍රයා එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර ඔහු පසු පස ලුහු බඳිමින් වෙඩි තබීම සිඳු කර තිබේ. ඔහුගේ පපු ප්‍රදේශයට සහ අතට වෙඩි වැදී ඇති බව වාර්තා වේ.
මෙලෙස වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවත් , වෙඩික්කරුවන් විසින් වෙඩි උණ්ඩ 20ක් පමණ භාවිතා කර ඇති බව අවට ප්‍රදේශයේ විසිරී තිබූ පතොරොම් කොපු වලින් අනාවරණය කර ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම මරණකරු පාතාල සාමාජිකයෙක් බවත් , ඔහුට එරෙහිව වැරදි රැසක් තිබෙන බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කර තිබේ. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ මෘත දේහය මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර වෙඩි තබා ඇති ස්ථානයේ පොලිස් පරීක්ෂණ සිඳු කරයි.එමෙන්ම වෙඩික්කරුවන් සොයා විශේෂ කාර්‍ය බලකාය , වැලිගම පොලිසිය සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ
