ඊයේ (17) රාත්‍රී කාලයේ ගාලුමුවදොර මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ලොරි රථයකින් හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
පොලිස් නිලධාරීන් විසින් කුඩා ලොරි රථයක් නවතා පරික්ෂා කිරීමේදී එහි තිබී රුපියල් 6949500 මුදල් ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර පසුව රථයේ රියදුරු විසින් යම්කිසි පුද්ගලයකු හට දුරකථන ඇමතුමක් ගෙන පොලිස් නිලධාරියකු හට දුරකථනය ලබා දී තිබේ.
දුරකතනයෙන් කතා කල පුද්ගලයා සදහන්කොට ඇත්තේ රුපියල් ලක්ෂ පහක් ලබාදෙන්නම් ලොරි රථය හා රියදුරාව මුදා හරින ලෙසයි.
එම දුරකථන ඇමතුමත් සමගම ලොරි රථය හා රියදුරු අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව පොලිස් ස්ථානයට රැගෙන ගොස් පොලිස් නිල සුනඛයන් යොදවා රථය පරීක්ෂා
කිරීමේදී රියදුරු අසුනේ ශුක්ෂමව සගවා තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලි ග්‍රෑම් 340 ක් සොයා ගෙන තිබේ.
සැකකරු උතුරු කළුතර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන අයකු වන අතර ඔහු පොලිසියට පවසා ඇත්තේ මාළු වෙළදාමේ නිරත වන බවයි.
වැඩි දුර විමර්ශන කොටුව පොලිසිය මගින් සිදුකරන අතර සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
