පන්තියේ පළවෙනියා වෙන්න බැරි වුණු නිසා සිසුවෙක් කරගත් දේ.

දඹදෙණිය , සිරිගල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ .

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ 18 හැවිරිදි සිසුවෙකි .

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලින් හෙළිව ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබා ගෙන කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත්ව සිටි මෙම දරුවාට පංතියේ පළමුවැනියා වීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි .

එමෙන්ම මෙම දරුවා මාස කිහිපයක පටන් තමාව පාසලෙන් ඉවත් කර ගන්නා ලෙසටත් , තමන්ට සියදිවි හානි කර ගැනීමට සිතෙන බවටත් දෙමව්පියන් දැනුවත් කර ඇති අතර මිශ්‍ර පාසලක සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ඇති මෙම සිසුවා පිරිමි පාසලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද කලකිරීමකට පත්ව සිට ඇති බව සඳහන් .

පසුගිය 17 වනදා දෙමව්පියන් නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී මෙම සිසුවා මෙලෙස සියදිවි හානිකරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගිරිඋල්ල පොලීසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version