” 13 දුන්නොත් රටට මොකද වෙන්නේ ? ” මහජන විනිශ්චය ප්‍රකාශයට පත් කිරීම 17 දා මාතර දී.

‘13 දුන්නොත් රටට මොකද වෙන්නේ? – මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක් ද?‘ මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සැප්තැම්බර් 17 වනදා සවස 3.00ට මාතර නූපේ සණස මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ .

රුහුණේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික සංවිධාන නායකයන් සහ නියෝජිතයන් මෙන්ම විද්වතුන් සහභාගි වන මෙම මහජන විනිශ්චය සභාව, එහි කැඳවුම්කරු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදේශකත්වය යටතේ සංවිධානය කර තිබේ .

රුහුණු රට භික්ෂු පෙරමුණ මෙම අවස්ථාව සංවිධානය කරන අතර, මෙහෙයවීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සිදු කරනු ලබයි .

මෙහි සංකල්පය හා අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන හා උපායමාර්ගික පර්යේෂණ ආයතනය සිදුකරනු ලබන අතර, ශ්‍රී ලංකා ජාතික ඒකාබද්ධතා සංවිධානය විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version